චෙම්මනි සමූහ මිනීවල තවත් විශාල කෙරේ

කුඩා දරුවකුගේ සෙල්ලම් බඩු ඇතුළු තිස් අට දෙනකුගේ මිනිස් අස්ථි මේ වන විටත් සොයා ගෙන තිබෙන ශ්‍රී ලංකාවේ මෑතදීම හමුවූ සමූහ සුසානයේ කැනීම් භුමිය තව දුරටත් පුළුල් කර තිබේ.

මිනිස් අස්ථි තව දුරටත් පසට යටවී ඇති ස්ථාන වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් හඳුනාගෙන අධිකරණයට වාර්තා කිරීමෙන් පසු නව භූමි භාගයේ කැනීම් කටයුතු ජුනි 02 බදාදා ආරම්භ කළ බවයි චෙම්මනි සමූහ සුසාන භුමිය නිරීක්ෂණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් අධිකරණයට වාර්තා කරන ලද එම භුමියේ පිරිසිදු කිරීමේ කටයුතු යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සිසුන්ගේ සහ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ සහාය ඇතිව ජුනි 01 වැනිදා සිදු කර තිබුනි.

අපරාධයක් සිදු වු ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන යාපනයේ චෙම්මනි, සිත්තුපාත්ති සමූහ සුසානයෙන් අඩුම වශයෙන් දරුවන් දස දෙනකුගේ බවට සැකකෙරෙන ඇටසැකිලි මේතාක් හමුවූ සිරුරු 38 අතර වන බව විමර්ශකයෝ පවසති.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා ජුලි 02 වැනිදා හවස පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ මේ වන විට යාපනයේ සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් ඇටසැකිලි 30ක් ගොඩගෙන ඇති අතර තවත් සිරුරු හතරක් පාර්ශවීය වශයෙන් පාදාගෙන සිරුරු හතරක් පාදාගනීම සඳහා ලකුණු කර ඇති බවයි.

තෙවැනි අදියරේ කැනීම් කටයුතු අට වැනි දිනයත් මේ වන විට සිදු කෙරෙමින් පවති.

අහම්බෙන් ඇටසැකිලි මතුවූ චෙම්මනි සිත්තුපාත්ති සුසාන භුමියේ කැනීම් වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් ආරම්භ වුයේ මැයි 15 වැනිදායි.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.