ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධාරීන්ට ජනපති රනිල්ගෙන් ප්‍රහාරයක්

සේයා - අන්තර්ජාලයෙන්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන් ලෙස හදුන්වා ගන්නා පිරිස් විදෙස් මුදල් මත යැපෙන්නන් ලෙස ජනාධිපතිවරයා විසින්  දැඩි  දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

“අපිට තියන ඩිෆෙන්ඩර් ටිකට ඩීසල් දාලා දුවනවා.මේ ඩිෆෙන්ඩර්ලටත් ඩීසල් දානවා. ඒ තමයි මානව හිමිකම් ඩිෆෙන්ඩර් කියලා පිටරටින් සල්ලි අරගෙන තමන් ජීවත් වෙන එක. ඕකනේ ඇත්ත.”

Human Rights Defenders (HRD) යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි තාඩන පීඩන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේද අවධානය යොමුවී තිබේ.

අරාජිකත්වය  සහ ප්‍රචණ්ඩත්වය මානව හිමිකම් වලට ඇතුල් නොවන අතර ඒවා  මානව හිමිකම් වලට සම්පුර්ණයෙන් විරුද්ධ බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 24 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් සදහන් කළේ මානව හිමිකම් යොදා ගනිමින් අරාජිකත්වයත්,  ප්‍රචණ්ඩත්වයත් ඇති කළ නොහැකි බවයි.

“මානව හිමිකම් කියලා ප්‍රචණ්ඩ ක්‍රියා කරපු අය ආරක්ෂා කරන්නත් බෑ.”

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන්,  ආරක්ෂා කළේ තමන් බවට උදම් ඇනු  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් සදහන් කළේ ඔවුන්ම දැන් තමන්ට විරුද්ධව කෑ ගසන බවයි.

” මම මේ අය දන්නවනේ.මේ අය එක්ක මම වැඩ කරලා තියනවානේ. මමයි ආරක්ෂා කළේ. මටයි කෑ ගහන්නේ දැන්. “

ජනාධිපතිවරයා මානව හිමිකම් ක්‍රියාධාරීන්ට එරෙහිව වාග් ප්‍රහාරය එල්ල කළ දිනයේම ශ්‍රී ලංකා යුද  හමුදාවේ 591 බලසේනාවේ සෙබළුන් මුලතිව් මාධ්‍ය සමාජ කාර්යාලයට ඇතුල් වී එහි ක්‍රියාධාරීන්ගේ විස්තර විමසා තිබේ.

රට දැඩි මුල්‍ය අර්බුදයක සිරවී සිටින මොහොතක  අධ්‍යාපනය හා සෞඛ්‍යය අභිබවා රටේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 410 ක්  වෙන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන් සම්බන්ධයෙන් දක්වන  ස්ථාවරය පහත වීඩියෝව නරඹන්න,

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.