අන්නමලෛ සහෝදරයාගේ 36 වන අනුස්මරණ උත්සවය

අන්නමලෛ සහෝදරයාගේ 36 වන අනුස්මරණ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (12) දින තමිල් සංගම් ශාලාවේදී පවත්වන ලදී.
ඒ හා සමගාමීව සමාජ විද්‍යා අධ්‍යාපන සහ පර්යේෂණ කවය විසින් සංවිධානය කරන ලද සාකච්ඡා සභාවට ප්‍රධාන දේශකයන් වශයෙන් සහභාගී වූ ටී මධුසූදනන් (සමාජ පර්යේෂක) අනාගත වාමාංශික සටන් යන මාතෘකාව යටතේත්, රණත කුමාරසිංහ (නසසප ප්‍රධාන ලේකම්) වඩුක්කෝඩෛ සම්මේලන යෝජනාව යන මාතෘකාව යටතේත් අදහස් දක්වන ලදී.
පිළිගැනීමේ කතාව එන් ජෙනගන් (සමාජ ක්‍රියාකාරික) සිදු කරන ලද අතර, මෙහෙයවීම ටී නඩරාජා (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී) ද, දමිළ සහ සිංහල පරිවර්තනය සිවා විසින්ද සිදු කරන ලදී.
මෙහිදී පැමිණ සිටි විද්වතුන්ද සිය අදහස් දැක්වන ලදී.
මෙහිදී දැක්වූ අදහස් වලට සවන් දීම සදහා පහත යොමු භාවිත කරන්න.
පහතින් දැක්වෙන්නේ, වඩුක්කෝඩෙයි සම්මේලන යෝජනාව සම්බන්ධයෙන් වන දළ සටහනකි. එයද පාඨකයාගේ අවදානයට යොමු කිරීම සුදුසු යැයි කල්පනා කළ හෙයින්, මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.
1976 මැයි මස 14 වැනි දින පඤ්ඤාකම් (වඩ්ඩුකොඩ්ඩයි මැතිවරණ කොට්ඨාශය) වඩුක්කොඩෙයි යෝජනාව දෙමළ ජනතාවගේ නිදහසේ අරගලයේ නව ඇරඹුමක්, නව යුගයක උදාව සටහන් කැරුණක් ලෙස අපි සලකන්නෙමු.
එම ප්‍රකාශනය සමානාත්මතාවය තුල දෙමළ ජනතාවගේ එක්සත්භාවය තහවුරු කළා පමණක් නොවේ. ප්‍රභූවාදයෙන් හා මුදලාලි ප්‍රාග්ධනයේ අධිකාරී බළයෙන් පෑගී, මිරිකී; නින්දාවටත්අවමානයට ලක්ව අමනාපයෙන් දිවි ගෙවන සිංහල කෘෂිකාර්මික ජනතාවගේත් නිදහසේ බලාපොරොත්තු අවදි කිරීමට සමත්වූවක් වීමට බොහෝ ඉඩකඩ පැවැති අවස්ථාවක් ලෙසයි අප තේරුම් ගත යුත්තේ. නමුත් දේශය ආර්ථික හා සමාජීය වශයෙන් දියුණුව කරා පා නැගීමට ප්‍රජාතන්ත්‍රීය විප්ලවයක පවතින අසීමිත ශක්තිය පිළිබදව විශ්වාසයෙන් කටයුතු කිරීමට තරම් අධිෂඨානයෙන් තොරවූ සිංහල ධනපති පාලක පැලැන්තියක් උරමත දරාගත්; දකුණේ කෘෂිකාර්මික ජනතාවගේ බහුතරය දෙමළ ජනතාවගේ නිදහසේ අරගලය ගැන අඳ, ගොළු, බිහිරි තත්ත්වයක සිටියේ ය.
තම නිෂ්පාදනයන්ගේ අතිරික්තය කොල්ලකා ශ්‍රී විභූතියට උරුමය ලද මොල් හිමියන්, තොග වෙළඳුන් හා ප්‍රවාහන බලවතුන් – ඔවුන් සමග ක්‍රියාත්මක වෙමින් සිටින රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් (නූතන ප්‍රභූ පැලැන්තිය) ඉදිරියේ දනින්වැටී යදිනවා හැර ජීවත් වීමට වෙනත් මගක් ඇතැයි තේරුම් ගැනීමට ඔවුන්ට නිදහස් අදහස් පහල වූයේ නැත. මේ දීන තත්ත්වයෙන් මිදී කෘෂිකර්මාන්තයේ සැබෑ නිෂ්පාදකයන් වන තමන්ට මාවත කෙටී ඇත්තේ තමන්‌ගේ ශ්‍රමය, අත්දැකීම් උපරීම ලෙස ප්‍රයෝජනයට ගෙන, නිෂ්පාදනය කරන්නේ මොනවාද? කෙසේ ද? යන්න පමණක් නොව වෙළඳපල මිල තීන්දු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සකසා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ගැනත් තීන්දු ගැනීමේ බලය ඇති කර ගන්නේ කෙසේ ද? යන්න මත බව ගැන ඔවුන්ට හැඟීමක් නොවී ය. එසේ හැගීමක් තිබුනා නම් දෙමළ ජනතාවගේ නිදහසේ අරගලයේ අරුත තේරුම් ගන්නත්; ඊට සමාන්තරව ක්‍රියාත්මක වීමටත් හැකි වන්නට තිබුණි.
නමුත්, මේ සියල්ල ගැන තීන්දු ගැනීමේ බලය සහිත ප්‍රජාතන්ත්‍රීයව පත් වන කෘෂිකාර්මික නිෂ්පාදකයින්ගේ ප්‍රජාතන්ත්‍රීය සභාවන් ගොඩ නගා ගනිමින් ස්වපාලන පදනමක් ඇති කර ගන්නේ කෙසේද? යන මූලික ප්‍රශ්න වලට විසඳුම් දෙමළ ජනතාවගේ නිදහසේ අරගලය තුලින් බිහිවී ඇති බව ඔවුන් දුටුවේ නැත. උතුරු නැගෙනහිර දෙමළ කෘෂිකාර්මික ජනතාවගේ ස්වපාලනය සඳහා වූ අරගලය සමඟ බද්ධ වී තමන්ගේ පලාත් වලටත් සැබෑ ස්වපාලනයක් ලබා ගැනීමට සටන් කිරීමට ඔවුන්ට අදහස් පහල නොවීය. එවන් අදහසක් පහල වී සංවිධානාත්මකව ක්‍රියා කලා නම් මේ රටේ සියළුම ජනතාවන් එක්සත්ව තමතමන්ගේ ප්‍රදේශ වල ස්වපාලන අධිකාරයන් ගොඩ නගා ලැබෑ “පුනරුදයක්” බිහිකර ගනු නියතය.
ඔවුන් දන්නා ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රදේශීය ස්වපාලනය අයත් නැත. ඇත්තේ වසර කිහිපයකට වරක් පවත්වන මැතිවරණ වළදී ඡන්දය දීමේ අයිතිය පමණි. මෙයට ‘ජනතා පරමාධිපත්‍යය’ යි ගාම්භීර අර්ථකතනයක් තිබුණද ඡන්දය දීමෙන් පසු එය අහෝසි වී යයි. ඉතිරිවන්නේ ජය ගෙන ආණ්ඩුව හදන ධනපති පාලකයන්ගේ ඒ හෝ මේ කොටසේ ‘පරමාධිපත්‍යයි’. ඔවුන් තමන් නියෝජනය කරන ප්‍රාග්ධන හිමියන්ගේ, නිලධාරී පැලැන්තියේ ඕනෑ එපා කම් හා ලෝ පාලන දෙවිවරුන් වැඩ සිටින ගෝලීය ධනවාදයේ ජාත්‍යන්තර ආයතන වල ප්‍රතිපත්ති අනුව ක්‍රියාකිරීම සඳහා තමන් ලත් ‘පරමාධිපත්‍යය’ යොදා ක්‍රියා කරගෙන යති. ජනතාවට ඉතිරිවන්ගේ ප්‍රේක්ෂකයන්ගේ භූමිකාවයි. එනම් පාලකයන්ගේ සමාජ ආර්ථික හා දේශපාලන රංගනයේ ගුණදොස් විචාරයට භාජනය කිරීම පමණි. එහි ඵලය වූයේ යුද්ධයයි. යුද්ධය ගෙන ආවේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සාමය හා සමෘධිය නොවේ. සමාජ ආර්ථික දේශපාලන විනාශය හා සමාජය පාදඩකරණය වීම යි.
අපේ සාකච්ඡාව සිංහල කෘෂිකාර්මිකයාගේ ස්වපාලනය ගැන නොවන නිසා ඒ ගැන වැඩි කතාවකට මේ අවස්ථාව නොවෙයි. නමුත් දෙමළ ජනතාවගේ ස්වපාලනය ජයගැන්ම සඳහා අරගලය සිංහල කෘෂිකාර්මිකයාගේ ස්වපාලනය සමග බද්ධ වූවා නම් මේ රටේ ජනතාවගේ ඉතිහාසය “පුණරුද යුගයක්” ලෙස ඉතිහාසයේ සටහන් වනු නියත බව අවධාරණය නොකර බැරිය.
දෙමළ ජනයාගේ ස්වපාලනය පිළිබද ප්‍රශ්නය සිංහල කෘෂිකාර්මිකයාගේ ප්‍රශ්නයට වඩා ඉතා සංකීරණ ගැටළු රාශියක් මත පදනම් වූවකි. ඔවුන්ව බහුතරයේ පාලනය විසින් සිය රාජ්‍ය යන්ත්‍රයේ යකඩ සපත්තුවට පාගාගෙන සිටී.
නිදහසින් පසු අනුප්‍රාප්තික සිංහල ආණ්ඩු සෑම විටම සිංහල ජනතාවගේ ආක්‍රමණශීලී ජාතිකවාදය දිරිමත් කර පෝෂණය කර ඇති අතර ඔවුන්ගේ දේශපාලන බලය දෙමළ ජනයාට අහිතකර ලෙස භාවිතා කර ඇත. ඒ කෙසේ ද යත්;
- දෙමළ ජනතාවගෙන් අඩකට ඔවුන්ගේ පුරවැසිභාවය සහ ඡන්ද බලය අහිමි කිරීම, එමගින් පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය අඩු කිරීම,
- සැලසුම් සහගත හා රාජ්‍ය අනුග්‍රහය ලබන සිංහල ජනපදකරණයක් මගින් සහ පසුකාලීනව කරන ලද සිංහල අනවසර ඉදිකිරීම් මහා පරිමාණයෙන් කිරීම මගින් දෙමළ ජනතාවගේ වාස භූමි ප්‍රදේශ වල සිංහල ජනතාවට පදිංචි වීමට ඉඩකඩ ලබා දෙමින් දෙමළ ජනයා තම නිජබිමේ සුළුතරයක් බවට පත් කිරීමට කටයුතු යෙදීම.
- ලංකාව පුරා සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව බවට පත් කිරීම මගින් දෙමළ ජනතාව හා දෙමළ භාෂාව මත පහත් භාවයේ මුද්‍රාව තැබීම,
- ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින්, එමගින් හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව මේ රටේ දෙවන පන්තියේ තත්ත්වයට පත් කිරීම,
- රැකියා, අධ්‍යාපනය, ඉඩම් බෙදා දීම සහ පොදුවේ ආර්ථික ජීවිතය යන ක්ෂේත්‍රවල දෙමළ ජනයාට සමාන අවස්ථා ලැබෙන පරිදි ප්‍රතිපත්ති සැකසීම ප්‍රතික්ෂේප කිරීම.
- දෙමළ සංස්කෘතියේ දකුණු ඉංදීය ප්‍රධාන ප්‍රවාහයෙන් ක්‍රමානුකූලව ඔවුන් වෙන්කරනු ලැබීම, ලංකාව තුළ තමන්ගේ භාෂාව හා සංස්කෘතිය වර්ධනය කරගැනීමේ අවස්ථා අහිමි කිරීම, එමගින් දෙමළ ජනයාගේ සංස්කෘතික සංහාරයක් දිසාවට අනුකම්පා විරහිතව නොනවත්වා කටයුතු යෙදීම,
- 1956 දී අම්පාර සහ කොළඹ සිදු වූ පරිදි දෙමළ කතා කරන ජනතාවට එරෙහිව ජාතිභේධවාදී ප්‍රචණ්ඩත්වයට සහ බිය වැද්දීම්වලට ඉඩ දීම සහ ඒ්වා මුදා හැරීම; 1958 දී රට පුරා; 1961 දී උතුරු සහ නැගෙනහිර පළාත්වල භීෂනකාරී හමුදා පාලනයක් දියත් කිරීම; 1974 දී ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ පොලිස් ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් යාපනයේ පුද්ගලයන් 9 දෙනෙකු ඝාතනයට ලක්වීම; 1976 දී පුත්තලම සහ ලංකාවේ තවත් ප්‍රදේශ රැසක දෙමළ කතා කරන මුස්ලිම් ජනයාට එරෙහි පොලිස් සහ ජාතිබේධවාදී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කිරීම. මේ සියල්ල සූදානම් කරන ලද්දේ දෙමළ කතා කරන ජනතාවගේ සිත් තුළ භීෂණය ඇති කිරීම සඳහා වන අතර එමඟින් ඔවුන්ගේ ජීව ගුනය හා ආත්මය බිඳ දැමීම සහ තමන් මත ගොඩගැසී ඇති අසාධාරණයන්ට ප්‍රතිරෝධය දැක්වීමේ වීමේ අභිප්‍රාය යටපත් කිරීම සදහා ය,
- දෙමළ තරුණයන් වෙත භීෂණය පතුරවමින්, වධහිංසා පැමිණවීම සහ නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් සිරගත කිරීම,
- පුරවැසි නීති මගින් විකෘති කරන ලද සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මත පදනම්ව තේරී පත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් මගින්; නිදහස් සාකච්ඡා සඳහා අවස්ථා නොදී හදිසි කොන්දේසි යටතේ කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙමළ ජාතිය මත පැටවීමෙන් ඔවුන් සිය අදහස් අහිමිවූවන් බවට පත් කිරීම, එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල බහුතර නියෝජනයේ බරට කරගසන්නන් බවට පත් කිරීම, එමගින් දෙමළ ජනයාට පෙර පැවැති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබූ ආරක්ෂාවේ අවශේෂ පවා අහිමි කිරීම, සහ,
මේ තතු යටතේ, දෙමළ ජනතාවගේ ආත්ම ගරුත්වයට අනුකූල දේශපාලන අයිතිවාසිකම් වල අවමය හෝ සාක්ෂාත් කර ගැනීම සඳහා, රටේ රජයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, පාර්ලිමේන්තු හා පාර්ලිමේන්තු විරෝධී උද්ඝෝෂන මගින්, අනුප්‍රාප්තික අග්‍රාමාත්‍යවරුන් සමඟ ගිවිසුම් හා අවබෝධයන් ඇති කර ගැනීමෙන්, විවිධ දෙමළ දේශපාලන පක්ෂ විසින් තම අයිතීන් දිනා ගැනීමට මේ තාක් කල් දරන ලද සියලු උත්සාහයන් නිෂ්ඵල බව මේ වන විට ඔප්පු වී ඇත;
දැන් මේ කරුණු, පෙන්නුම් කරන්නේ දෙමළ ජනතාව සිය නායකයන් සමඟ තම ඉරණම යහපත් කර ගැනීම සඳහා දිගින් දිගටම වැර දැරූ බවයි. ඒ වෑයම් අසාර්ථක වීම තුලින් ලද අත්දැකීම් මත තමන්ගේ නිදහස සඳහා මාවතක් හෙලිපෙහෙලි කර ගැනීම මේ වඩුක්කොඩෙයි සම්මේලනයේ ප්‍රකාශය තුලින් අලුත් රංගභූමියකට පිවිසුනා සේ ය.
1972 මැයි 22 සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද සාකච්ඡා වලදී දෙමළ දේශපලන පක්ෂ ඉදිරිපත් කළ සිය යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කරන ලද අතර, අවසාන වශයෙන් ව්‍යවස්ථාව සංශෝධනය කර සිය අයිතිවාසිකම් ලබා ගැනීම සදහා මාස තුනක කල් ලබා දෙමින් ඉදිරිපත් කළ යෝජනා ද නොතකා හරින ලදී.
ව්‍යවස්ථාව මගින් තහවුරු කෙරුණු ‘බහුතරවාදය’ අවධාරණය කරමින් සිරිමාවෝ රජය සිය ප්‍රතිපත්ති ඇරඹීමෙන් පසු වසර කීපය තුල දෙමළ ජනතාව විමුක්තිය හා ස්වයංනීර්ණය කෙරෙහි තම මනස යොමු කළහ. වඩුක්කොඩෙයි යෝජනාව මේ අරමුණු අනුමත කරන ලදී.
1976 නොවැම්බර් මස 1977 අයවැය සදහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ දී අදහස් දක්වමින් චෙල්වනායගම් පවසා ඇත්තේ තම ෆෙඩරල් ව්‍යාපාරය “දෙමළ කථා කරන ජනතාවට අහිමි වූ අයිතීන්” ලබා ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇති ආකාරය ඔහු සවන්දෙන්නන් ඉදිරියේ පිළිගත් බවත්, “ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා වූ ඉල්ලීම අපි අත්හැර දැමුවා. අපේ ව්‍යාපාරය මුළුමනින්ම අහිංසාවාදී වෙයි. අපි දන්නවා කවදා හරි දවසක සිංහල ජනතාව අපේ ඉල්ලීම් ලබා දෙන බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් වෙන්වූ රාජ්‍යයක් පිහිටුවීමට අපට හැකි වනු ඇති බවත්.” “චෙල්වා වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් නොපසුබටව පෙනී සිටි බව ඔහුගේ මරණයට මාස කිහිපයකට පෙර ජාතික රාජ්‍ය සභාවේ දී ඔහු කළ මේ අවසන් වැදගත් ප්‍රකාශයෙන් පැහැදිලිවම ප්‍රකාශයට පත් විය” (Dr. A J Wilson – Son in law – of Chelvanayakam)
ප්‍රකාශනයේ ප්‍රජාතන්ත්‍රීය හරයට අදාල වගන්ති
අ) දෙමළ ඊළාම් රාජ්‍යය උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගෙන් සමන්විත විය යුතු අතර, ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වෙසෙන සෑම දෙමළ භාෂාව කතා කරන ජනතාවකට සහ දෙමළ ඊළාම් පුරවැසිභාවය තෝරා ගත හැකි ලෝකයේ ඕනෑම ප්‍රදේශයක වෙසෙන ඊළාම් සම්භවයක් ඇති දෙමළ ජනතාවට දෙමළ ඊළාම් රාජ්‍යයේ පුරවැසිභාවය පිළිබඳ පූර්ණ හා සමාන අයිතිවාසිකම් සහතික කළ යුතු බව. දෙමළ ඊලාම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී විමධ්‍යගත කිරීමේ මූලධර්මය මත පදනම් විය යුතු අතර එමඟින් වෙනත් කිසිදු කොටසක් විසින් දෙමළ ඊළාම් හි කිසිදු ආගමික හෝ භෞමික ප්‍රජාවක් මත ආධිපත්‍යය නොදරන බව සහතික කළ යුතුය.
ආ) දෙමළ ඊළාම් රාජ්‍යයේ කුලය අහෝසි කළ යුතු බවත්, උපත මත පදනම් වූ ඕනෑම ආකාරයක ස්පර්ශ තහනම හෝ අසමානතාව පිළිබඳ හානිකර පිළිවෙත් පිළිපැදීම මුළුමනින්ම තුරන් කළ යුතු බවත්, එ්වා පිළිපැදීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු බවත්ය.
ඇ) දෙමළ ඊලාම් රාජ්‍යයේ ජනතාව අයත් විය හැකි සියලු ආගම්වලට සමාන ආරක්ෂාවක් සහ ආධාර ලබා දෙන ලෞකික රාජ්‍යයක් විය යුතු බව.
ඈ) දෙමළ භාෂාව රාජ්‍යයේ භාෂාව විය යුතු නමුත් දෙමළ ඊලාම් හි සිංහල භාෂාව කතා කරන සුළු ජාතීන්ට ඔවුන්ගේ භාෂාවෙන් අධ්‍යාපනය හා ව්‍යායාපාර ගනුදෙනු කිරීමේ අයිතිය සිංහල රාජ්‍යයේ දෙමළ කතා කරන සුළු ජාතීන් සමඟ අන්යොන්‍ය පදනමක් මත ආරක්ෂා කළ යුතුය.
ඈ) ද්‍රවිඩ ඊළාම් යනු මිනිසා විසින් මිනිසා සූරාකෑම තහනම් කළ යුතු, ශ්‍රමයේ ගරුත්වය පිළිගත යුතු, නීතියෙන් නියම කර ඇති සීමාව තුළ පෞද්ගලික ව්‍යවසායට අවසර දීමේදී නිෂ්පාදන හා බෙදාහැරීමේ මාධ්‍යයන් මහජන අයිතියට හා පාලනයට යටත් විය යුතු බව, ආර්ථික සංවර්ධනය සමාජවාදී සැලසුම් මත පදනම් විය යුතු අතර පවුලේ ඕනෑම පුද්ගලයෙකුට අත්පත් කර ගත හැකි මුළු ධනය මත සීමාවක් තිබිය යුතුය.
ඉ) මෙම සම්මුතිය මගින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී කමිටුවට උපදෙස් දෙනු ලබන්නේ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර දෙමළ ජාතියේ ස්වෛරීභාවය සහ නිදහස දිනා ගැනීමේ අරගලය අයුතු ප්‍රමාදයකින් තොරව දියත් කරන ලෙසයි;
ඊ) ඒ වගේම මේ සම්මුතිය පොදුවේ දෙමළ ජාතියෙන් සහ විශේෂයෙන් ම දෙමළ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ නිදහස සඳහා වන පූජනීය සටනට සම්පුර්ණයෙන්ම අවතීර්ණ වීමට ඉදිරිපත් වන ලෙසත්, දෙමළ ඊළාම් ස්වෛරී රාජ්‍යයක ඉලක්කය කරා ළඟා වන තුරු පසුබට නොවන ලෙසත්ය.
සමාලෝචනයක්
1976 මැයි මස 14 වන දින පඤ්ඤාකම් (වඩ්ඩුකොඩ්ඩයි මැතිවරණ කොට්ඨාශය) හි දී රැස්වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පළමු ජාතික සම්මේලනය මගින් ප්‍රකාශ කරනු ලබන්නේ ලංකාවේ දෙමළ ජනතාව ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ භාෂාව, ඔවුන්ගේ ආගම්, ඔවුන්ගේ වෙනම සංස්කෘතිය සහ උරුමය, යුරෝපීය ආක්‍රමණිකයන්ගේ සන්නද්ධ බලයෙන් යටත් කර ගන්නා තෙක් සියවස් ගණනාවක් තිස්සේ වෙනම ප්‍රදේශයක් පුරා වෙනම රාජ්‍යයක් ලෙස ස්වාධීන පැවැත්මේ ඉතිහාසය සහ සියල්ලටම වඩා ඔවුන්ගේ ස්වාධීන පැවැත්මක් ලෙස පවතිනු ඇති බවයි. 1972 ජනරජ ආණ්ඩුක් රම ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතාව නව යටත් විජිත ස්වාමිවරුන් විසින් පාලනය කරනු ලබන වහල් ජාතියක් බවට පත් කර ඇති බව මෙම සම්මුතිය මගින් ලොවට ප්‍රකාශයට පත් කරනු ලබන අතර, දෙමළ ජාතියට එහි භූමි ප්‍රදේශය, භාෂාව පුරවැසිභාවය, රැකියා හා අධ්‍යාපන අවස්ථා, ආර්ථික ජීවිතය අහිමි කිරීම සඳහා, තමන් වැරදි ලෙස උදුරාගෙන ඇති බලය භාවිතා කරන සිංහලයන්, එමගින් දෙමළ ජනතාවගේ ජාතිකත්වයේ සියලු ගුණාංග විනාශ කරමින් සිටී.
දෙමළ ජනතාව යලි එක්සත් වීමක් කරා යා යුතුය. එය සාකච්ඡා මාර්ගයෙන් ලැබෙන්නක් නොවේ. වඩුක්කොඩෙයි සම්මේලනයේ අපෙක්ෂාවන් ඵළ ගැන්වීමේ අරගලය තුල ලබා ගත යුතු ජයග්‍රහනයක් වන්නේ ය.
වඩුක්කොඩෙයි ප්‍රකාශනයේ ඉංග්‍රීසි පරිවර්තනයට පහළින් යොමුවන්න.