වික්‍රමබාහු නියත වශයෙන්ම ‘වික්‍රමබාහු’ම විය

“වික්‍රමබාහු නියත වශයෙන්ම ‘වික්‍රමබාහු’ම විය” ලෙස ලොව ඇති සැටියෙන් විශ්ලේෂණය කර; එය වෙනස් කිරීමේ මඟ පෙන්වූ දීප්තිමත් විප්ලවවාදියකු වන වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාගේ න්‍යායික හා දේශපාලනික අරගලයේ පිය සටහන් පිළිබදව පොතක් සම්පාදනය කිරීම වෙනුවෙන් නව සම සමාජ පක්ෂය ගත් තීන්දුව අනුව, පසුගිය ඔක්තෝම්බර් 17 දින කොළඹ නව නගර ශාලාවේදී “වික්‍රමබාහු නියත වශයෙන්ම ‘වික්‍රමබාහු’ම විය” ග්‍රන්තයේ පළමු පියවර එළිදක්වන ලදී.
මෙම අවස්ථාවේදී බාහු සහෝදරයා හට සමරු තිලිණ ප්රධානයක්ද සංවිධානය කර තිබූ අතර, බාහු සහෝදරයා වෙනුවෙන් ජයසිරි නිරිඇල්ල සහෝදරයා නිර්මාණය කළ ගීතය නසසප කළුතර දිසා සභාව විසින් වාදනය කරන ලදී.
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, එසේත් නැතිනම් බාහු සහෝදරයා ගැන පූර්ණ සටහනක් සකස් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවත්, එහිදී එක් අතකින් මාර්ක්ස්වාදී න්‍යාය වැඩි දියුණු කිරීමට ඔහු විසින් කරන ලද කාර්යභාරය විස්තර කරද්දී, දිළිදු ආසියාතික අඩු දියුණු රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ විප්ලවයේ ගමන් මඟ සම්බන්ධයෙන් ඔහු කළ විශ්ලේෂණය සහ බලපෑම පැහැදිලි කළ යුතු බවද, එහිදී හුදු වියුක්ත අදහස් ගොන්නකට හෝ තොරතුරු ගොන්නකට සීමා නොවී, ඉතිහාසයේ ඒ ඒ සංධිස්ථාන වලදී පක්ෂය ගත් තීරණ ද, බාහු සහෝදරයා විසින් පක්ෂයට නායකත්වය දුන් ආකාරය ද සාකච්ඡා කළ යුතුව ඇත.
මෙහිදී ඉතිහාසයේ ගත් තීරණ, ඒ වපසරිය තුළ හිඳ විශ්ලේෂණය කිරීමට අවශ්‍ය ඓතිහාසික කරුණු කාරණා ද සාකච්ඡා කිරීමට සිදුවනු ඇත. අවස්ථා සම්බන්ධය පටලවාගතහොත් ඉතිහාසය පිළිබඳ නිවැරදි දැකීමක් ලබා ගැනීමට අපට හැකිවන්නේ නැත.
ඉදින් මේ කාර්යය, කියවන්නා ව්‍යාකූල නොවන පරිදි ලෙහා දැක්වීම ඉතාම පරිස්සමින් කළ යුතුය. ඒ නිසා මෙම කාර්යයට ආරම්භයක් වශයෙන්, නව සම සමාජ පක්ෂයේ (නසසප) මූලාරම්භයත්, සිංහල සමාජය යුධකාමයට යටවීමත් අතර කාලපරිච්ඡේදය තුළ නසසප ගමන් ගත් මඟ සම්බන්ධයෙන් කෙටි සටහනක් මුලින් ඉදිරිපත් කිරීම වැදගත් බව මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඒ අනුව මෙම පළමු පියවර ඉදිරිපත් කරනු ලබන බව ප්‍රකාශ විය.
මෙහිදී එන් එම් අමීන්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ටී මදුසූදනන් සහ රණත් කුමාරසිංහ මූලික වශයෙන් අදහස් දැක්වූහ.
































