‘කුමන්ත්‍රණය’ ලියු ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව දැන් මුල්වරට සිංහලෙන්

සේයා - අන්තර්ජාලයෙන්

ජනාධිපති ධුරයෙන් තමන් පලවා හැරීමේ ජාතික හා ජාත්‍යන්තර හවුල් කුමන්ත්‍රණයක් ගැන පොතක් ලියා ඇති ගෝඨාභය රාජපක්ෂගේ යුද සමයේ චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ.

“ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සමයේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධ සාක්ෂි විශාල ප්‍රමාණයක් එමගින් එළිදරව් වෙයි.

ජාත්‍යන්තර මානුෂවාදී නිතිය, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර අපරාධ නීතිය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී උල්ලංඝනය කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ දැරූ කේන්ද්‍රීය භූමිකාව එකී සාක්ෂිවලින් තහවුරු කෙරෙන බව ITJP පවසයි.

ඒවා යුද සමයේත් ඉන් පසුවත් ජිනීවා සම්මුති කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂවාදී නිතිය හා ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංඝනය කිරීම් ගණයෙහි ලා සැලකේ. මිනීමැරීම, වධහිංසනය සහ අමානුෂික සැලකීම, ඝාතනය, වංචනික භාවය, ලිංගික දුෂණය ඇතුළු වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩතා, නිදහස අහිමි කිරීම, බරපතල ශාරීරික හා මානසික හානිය සහ හාමතේ තැබීම ඇතුළු ගොරතර උල්ලංඝන ඊට ඇතුලත් වේ.

සිංහලෙන් මුල් වරට පලකෙරෙන එම වාර්තාව පහත සබැඳියෙන්.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.