දෙමළ දේශපාලකයන් මැදිහත් වී කොළඹ පොලිස් ලියාපදිංචිය නවතයි

Mano Ganeshan
සේයා අන්තර්ජාලයෙන්

කොළඹ නගරවැසියන්ගේ තොරතුරු එකතු කිරීමේ පොලීසියේ වැඩසටහන දෙමළ දේශපාලන නායකයන්ගේ විරෝධය හමුවේ අත්හිටුවා තිබේ.

පොලිසිය ගෙයක් ගෙයක් ගානේ ගිහින් පවුලේ විස්තර පුරවන්න කියලා ෆෝර්ම් එකක් දීලා. මම මේ ගැන දුරකතනයෙන් ජනාධිපතිතුමා එක්ක කතා කළා. එහෙම තොරතුරු එකතු කිරීම වැරදියි කියලා එතුමා පිළිගත්තා. වහාම මේ වැඩේ නවත්වන්න කියලා පොලීසියට නියෝගයක් දෙනවා කියලා මට පොරොන්දු වුණා,” යැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

කොළඹ නගර සභා බල ප්‍රදේශයට අයත් දෙමළ ජනයා බහුතරය වෙසෙන වැල්ලවත්ත, බම්බලපිටිය කොට්ඨාශයන්හි සෑම නිවසකටම පත්‍රිකාවක් ලබා දී නිවැසියන් සියලු දෙනාගේම තොරතුරු ඇතුලත් කොට ලියාපදිංචි වන ලෙස පොලීසිය දැනුම් දී ඇත.

මීට විරෝධය දක්වමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායකයා විසින් පොලිස් ඇමැති ටිරාන් අලස්, පොලිස්පතිවරයා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත කරුණු දක්වා තිබේ.

මේක පොලිස් රාජ්‍යයක් නොවේ. පොලිස් නීතිය යටතේ රෙජිස්ටර් වෙන්න. විශේෂ කාලයක දී එහෙම වෙන්න පුළුවන්. කවුරුහරි නීති කඩනවා නම් හඳුනාගෙන අත් අඩංගුවට ගන්න ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා නගර වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිවකු තොරතුරු ලබා දී පොලීසියේ ලියාපදිංචි නොවන ලෙසයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.