බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ට යුක්තිය ඉල්ලා නසසප උතුරේ
බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූ සිය ආදරණීයයන්ගේ ඉරණම හෙළි කර ගැනීම සදහා, දින 2000කට වැඩි කාලයක් තිස්සේ වීදියේ අඛණ්ඩ අරගලයක යෙදී සිටින දෙමළ මවුවරුන් විසින්, අතුරුදහන් වූවන් වෙනුවෙන් වෙන් වු ජාත්‍යන්තර දිනය යෙදී තිබු අගෝස්තු 30 බ්‍රහස්පතින්දා උතුරු නැගෙනහිර පුරා විරෝධතා සංවිධානය කර තිබුණි.
මේ හා සම්බන්ධ වූ, මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් නව සම සමාජ පක්ෂය මූලිකත්වයෙන් පිහිටුවා ගත් අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීමේ කමිටුවේ (CID) සාමාජිකයන් ද මෙම විරෝධතාවයට එක්වෙමින් සිය සහයෝගය පළ කර සිටියහ.
“දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, උතුරු නැගෙනහිර ඒකාබද්ධකර බලය බෙදා හරිනු, බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ට අත් කළ ඉරණම ගැන සත්‍ය හෙළි කරනු”, ආදී වශයෙන් සිංහල බසින් ලියන ලද සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
උතුරේ අතුරුදහන් කරනු ලැබුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් යුද්ධයේ අවසාන සමයේ රජයේ ආරක්ෂක අංශ වලට භාර දෙනු ලැබූවන්ය.
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය ඥාතීන්ට යුක්තිය ඉල්ලා මන්නාරම, වව්නියාව, මඩකලපුව, කිලිනොච්චි, අම්පාර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වලදීද පැවැත්වුණු විරෝධතා වලදී යළි යළිත් ප්‍රකාශ තිබුනේ සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවයි.
“අපරාධකාරයා දැන් රටින් රටට පැන පැන යනවා. මිනිහා ජාත්‍යන්තර අධිකරණයට ගෙනිහිල්ලා යුක්තිය හරියට ඉෂ්ඨ කරන තාක් කල් අපි අපේ අරගලය නවත්වන්නේ නෑ,” යි විරෝධතාවට එක්ව සිටි එක් මාතාවක් වේදනාබරව පැවසුවාය.
මුලතිව්, පුදුකුඩිඉරිප්පු රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් පුදුකුඩිඉරිප්පු නගරය දක්වා පැමිණි යුද පීඩිත දෙමළ මව්වරුන් අගෝස්තු 30 වැනිදා රජයට බල කර සිටියේ සිය ලේ ඥාතීන් අතුරුදහන් කිරීමට රජයේ ආරක්ෂක අංශ සහ යුද හමුදාව සම්බන්ධ බැවින් ඔවුන් එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.
1 Response
[…] […]