කාල් මාක්ස් ඇමරිකානු ජනපති ඒබ්‍රහම් ලින්කන් ට ලියූ ලිපිය

“විශාල බහුතරයකින් ඔබ නැවත තේරී පත්වීම පිළිබඳව ඇමරිකානු ජනතාවට අපි සුබ පතන්නෙමු.”
ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් 1864 වසරේදී දෙවන වරට ජනාධිපති ධූරයට තේරී පත්වීම වෙනුවෙන්, කාල් මාක්ස් විසින් ජාත්‍යන්තර කම්කරු සංගමය නියෝජනය කරමින් සකස් කළ සිය සුබපැතුම් ලිපිය ආරම්භ කළේ එලෙසිනි.
ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ පළමු මැතිවරණ ජයග්‍රහණයට හේතුව වහල් ක්‍රමයට එරෙහි ඇමරිකානු ජනතාවගේ විරෝධය නම්, මේ නැවත තේරී පත්වීමේ ජයග්‍රාහී යුද ඝෝෂාව යනු “වහල්භාවයට මරණය” බව ඇමරිකානු ජනපතිවරයා වෙත ලියූ මෙම ලිපිය තුළින් මාක්ස් පෙන්වා දෙයි.
ඒබ්‍රහම් ලින්කන් එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා වූ අතර, 1861 සිට 1865 අප්‍රේල් 15 දින ඔහුගේ ඝාතනය දක්වා එම ධූරයේ කටයුතු කළේය. ඇමරිකානු සිවිල් යුද්ධය හරහා එක්සත් ජනපදය මෙහෙයවූ ඔහු, ඇමරිකානු කොන්ෆෙඩරේට් ප්‍රාන්ත පරාජය කරමින්, ඇමරිකාව තුළ වහල්භාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී.
ජාත්‍යන්තර කම්කරු සංගමයේ (International Workingmen’s Association) ජාත්‍යන්තර මධ්‍යම (පොදු) කවුන්සිලය විසින් 1864 නොවැම්බර් ලබා දුන් ඒකමතික එකඟත්වය මත ඇමරිකානු ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපිය මඟින්; ඇමරිකානු නිදහස් යුද්ධය හරහා මධ්‍යම පන්තිය වෙත නව නැගීමේ යුගයක් ආරම්භ කළ අතර, වහල් ක්‍රමයට විරුද්ධ යුද්ධය විසින් කම්කරු පන්තිය සඳහා වන මෙම යුගය ආරම්භ කරනු ඇතැයි යුරෝපයේ කම්කරුවන් විශ්වාස කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
දම්වැල් බැඳගත් ජාතියක් බේරා ගැනීමටත්, සමාජීය ලෝකයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහාත් අසමසම අරගලයක් හරහා තම රට මෙහෙයවීම, අධිෂ්ඨානශීලී ව කටයුතු කරන කම්කරු පන්තියේ පුත්‍රයා වන ඒබ්‍රහම් ලින්කන්ගේ ඉරණම බවට පත්වීම, ඉදිරි යුගයේ බැරෑරුම්කම පෙන්නුම් කරන්නක් ලෙස යුරෝපයේ කම්කරුවන් සලකන බවද මෙම ලිපිය අවධාරණය කරයි.
ලෝකවාසී ජනතාවගේ මුක්තිය ජාත්‍යන්තර වැඩ කරන ජනතාවගේ කර මත පවතින බව පෙන්වා දුන් දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු වන කාල් මාක්ස්, ඇමරිකාව තුළ වහල් ක්‍රමය අවසන් කරමින්, ඔවුන්ව කම්කරුවන් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රධාන වැඩකොටසක් ඉටු කළ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ තේරී පත්වීම පසසමින් යැවූ මෙම ලිපිය, ඒබ්‍රහම් ලින්කන් ඝාතනයෙන් වසර 160 ක් සපිරෙන අද දවසේ ඔබ වෙත ගෙන ඒම සුදුසු බව ‘හරය’ අපි කල්පනා කළෙමු.
සම්පූර්ණ ලිපිය සඳහා පහල යොමුව භාවිත කරන්න.