ලංකාව මුහුණ පා තිබෙන අර්බූදය සම්බන්ධයෙන් සාකච්ඡා සභාවක්

“උනේ කුමක්ද? වෙන්නේ කුමක් ද? වෙන්න යන්නේ කුමක්ද?” තේමා කරගත් – සාකච්ඡා සභාවක් පසුගිය 12 වැනිදා සාමය හා සාමයික කෙන්ද්‍රයේ දී පැවැත්විනි.
එහි මූලාසන මණ්ඩලය ලෙස ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ, පුදිය සමධර්මම් කර්තෘ නඩරාජා ජනගන්, නීතීඥ සේනක පෙරේරා හා නීතීඥ තම්බයියා ජෙයරත්නරාජා ක්‍රියා කළහ.
ප්‍රියන්ත වික්‍රමසිංහ විසින් මේ සාකච්ඡා සභාවේ තේමාව පිළිබඳව හැඳින්වීම කළ අතර, ප්‍රධාන අදහස් දැක්වීම් නිතීඥ නාමල් රාජපක්ෂ හා ‘හරය’ වෙබ් අඩවියේ සංස්කාරක රණත් කුමාරසිංහ විසින් සිදු කරන ලදී.
ඉන් පසුව පැවති පොදු සාකච්ඡා වාරයේ දී රාජා උස්වැටකෙයියාව, සේනක පෙරේරා, රංජිත් ගමගේ, පී. පූමිනාදන්, ඇතුළු පිරිසක් අදහස් දැක්වන ලදී.
මෙහි දී ඇතිවූ කතිකාව යොමු වූයේ දිගු කාලීකව පැවැති පරස්පර විරෝධී සමාජ ආර්ථික ප්‍රතිපත්ති කෙලවරට ගෙනා පුපුරායෑමට ‘වගකිවයුතු’ පුද්ගලයන් නම්කරමින් ඔවුන් සම්බන්ධයෙන් කරන හුදු විවේචනයකට නොව; සාකච්ඡාවේ සභාව තේමාව කරගත් “උනේ කුමක්ද? වෙන්නේ කුමක් ද? වෙන්න යන්නේ කුමක්ද?” යන ප්රශ්නයන්ගේ සාරය ගැඹුරින් සාකච්ඡාවට භාජනය කිරීමටයි.
එහි දී විශේෂයෙන් දැනටත් කෙරීගෙන යන හා තවදුරටත් ක්රියාවේ යෙදවීමට නියමිත ප්‍රතිසංස්කරණයන් නිසා අවදානමට ලක්වන ක්ෂේත්රයන් හා ආර්ථික වශයෙන් බිද වැටෙන ජනතාවගේ වගේ ජීවන පැවැත්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් ගතයුතු පියවරයක් සම්බන්ධයෙන් සංයුක්ත වැඩපිලිවෙලක් සැකසීම හා;












මර්ධනයෙන් නොව ප්රජාතන්ත්රීය හා මානව අයිතීන් ආරක්ෂා කරමින් ජනතා සහභාගීත්වයට අවස්ථාව සැලසෙන යාන්ත්රනයක් මගින් විසඳුම් සෙවීමේ පිලිවෙතක් සැකසීම වෙනුවෙනුත් සංවිධානාත්මකව රටපුරා මැදහත්වීම් සංවිධානය කිරීමට ක්‍රියාමාර්ගයක් සැකසීමේ කර්තව්‍ය ඉටුකිරීම සදහා සාකච්ඡා සභාව විසින් තම මූලාසන මණ්ඩලයට බලය පවරණ ලදී.
ඒ අනුව නුදුරු දිනවල දී එම වැඩපිලිවෙල සැකසීමත් සමඟ යලි සාකච්ඡා සභාව රැස්වී ඒ පිලිබඳ කතිකාවතකින් පොදු තීන්දු ගැනීමටත්, අනතුරුව උතුරේ සිට දකුණ දක්වා සංවිධානය කරන දීප ව්‍යාප්ත සාකච්ඡා සම්මන්ත්රණ මාලාවක් මගින් ඉදිරි පියවර තැබීමටත් තීරණය කෙරිණි.
සාකච්ඡාව සදහා ඉදිරිපත් කරන ලද ලියවිල්ල පහලින්,
2022.10.12-Final
1 Response
[…] […]