සිය වෘත්තීය අයිතීන් ඉල්ලා රාජ්‍ය බැංකු සේවකයෝ මහ පාරේ

තමන් ඉදිරිපත් කළ වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසදුම් නොලැබීම හේතුවෙන්, ඊට එරෙහිව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය ලෙස වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු සේවකයන් තීරණය කර තිබේ.
ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වයේ (ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වාර්ෂික දිරි දීමනා හා ප්‍රසාද දීමනා හා ඒ මත අසාධාරණ අයබදු අයකිරීම පිළිබඳව පැන නැඟී ඇති ගැටළුව, HDFC බැංකුව සහ SMIB බැංකුවෙහි මෙහෙයුම් සම්බන්ධයෙන් මහ බැංකුව මඟින් සිදුකර ඇති පදනම් විරහිත සීමා කිරීම් නිසා මතුව ඇති අර්බුදය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විධායක බලතල ආරෝපණය කරගනිමින් බැංකුවේ දෛනික මෙහෙයුම් කටයුතු වලට මැදිහත් වීම තුල මතුව ඇති ගැටලුව, 96 න් පසු විශ්‍රාමය වර්ධනය පිළිබඳව ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් අනුමැතීන් නොලැබීම, පසුගිය සාමුහික ගිවිසුම තුළින් හඳුන්වා දුන් ප්‍රමුඛ කාර්ය සාධන දර්ශකය (KPI) 2025 ජනවාරි සිට යාවත්කාලීන නොකිරීම, එම සාමුහික ගිවිසුම තුළින් මතු වූ වැටුප් ප්‍රතිශත සීමා කිරීම්වලට මෙතෙක් එකඟ වූ පරිදි විසඳුම් නොලැබීම ආදීවූ රාජ්‍ය බැංකු තුල පවත්නා ආයතනික හා සේවක ගැටළු කරුණු සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමය ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මඟින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයන්හි පියවරක් ලෙස පිකට් උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.
ඒ අනුව 2025.08.21 දින ජාතික ඉතිරි කිරිමෙි බැංකුවෙි ප්‍රධාන කාර්යලය ඉදිරිපිටදී අනිකුත් ශාඛා සංගම් වල සාමාජිකයින්ගේද සහභාගීත්වයෙන් පිකට් උද්ඝෝෂණයක් පවත්වන ලදී.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, HDFC බැංකුව, මහජන බැංකුව සහ ලංකා බැංකු ප්‍රධාන කාර්යාල ඉදිරිපිටදීද මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමට රාජ්‍ය බැංකු සේවක වෘත්තීය සමිති තීරණය කර තිබේ.
මෙම පිකට් උද්ඝෝෂණ වලින් අනතුරුවද රාජ්‍ය බැංකු ගැටළු විසඳීම වෙනුවෙන් නිසි ප්‍රතිචාරයක් වගකිවයුතු පාර්ශවයන්ගෙන් යොමු නොවන්නේ නමි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට ලංකා බැංකු සේවක සංගමය ඇතුළු රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීන්දු කර ඇති බව රාජ්‍ය බැංකු සේවකයෝ ප්‍රකාශ කරති.














