කෝටියක් නොදුන්නොත්, බදුල්ලේ මළ වතු කම්කරුවාගේ දේහය කොළඹට

badulla plantation workers
සේයා අන්තර්ජාලයෙන්

විදුලි සැර වැදී මියගිය බදුල්ලේ වතු කම්කරුවකුගේ මරණයට නිසි වන්දියක් ලබා නොදුනහොත් ඔහුගේ මෘත දේහය අගනුවරට රැගෙන විත් වතු සමාගම ඉදිරිපිට විරෝධය දක්වන බවට වතු වෘත්තීය සමිතියක් අනතුරු අඟවා තිබේ.

නමුනුකුල වැවිලි සමාගමට අයත් පස්සර කනවරැල්ල වත්තේ විසි එක් හැවිරිදි හර්ෂන් ගනේෂමුර්ති නමැති තරුණ වතු කම්කරුවා මිය ගොස් ඇත්තේ පාලකයන් විසින් විදුලි නඩත්තුවක් සඳහා බලහත්කාරයෙන් යෙදවීමෙන් අනතුරුව විදුලි සැර වැදීමෙනි.

මරණය වෙනුවෙන් රුපියල් කෝටි එකයි ලක්ෂ දෙකක වන්දියක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම වතු කළමනාකාරවරයාත් කර්මාන්තශාලා නිලධාරියාත් වහාම ස්ථාන මාරු කරන්න ඕනේ. මේ කොන්දේසි වලට අවනත වෙන්නේ නැත්නම්, මිනියත් අරන් අපි නමුණුකුල වැවිලි සමාගමේ කොළඹ තියෙන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වනවා,” යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් අනතුරු අඟවයි.

ඔක්තෝබර් 9 වැනිදා විදුලි සැර වැදීමෙන් මියගිය මෙම තරුණ කම්කරුවාගේ පවුලේ අය විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග සඳහා CWC පූර්ණ සහය ලබාදෙන බවට ද ඔහු පවසයි.

අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සම්පූර්ණ වියදම පමණක් දැරීමට වතු කළමනාකාරිත්වයේ තීරණයට එරෙහිවූ CWC සභාපති තොණ්ඩමාන් කියා සිටියේ මරණයට වන්දි නොගවන්නේ නම් ඔහුගේ මළ සිරුර කම්හලේ තැන්පත් කරන බවයි.

පසුව මියගිය අයගේ පවුලට ලක්ෂ 15 ක වන්දියක් ගෙවීමට පාලනාධිකාරිය එකඟ වී තිබේ.

“ඒ මුදල ප්‍රමාණවත් නැහැ. අවුරුදු 21 දී ගනේෂමුර්ති මැරුනේ. තවත් අවුරුදු 34කට වඩා වැඩි කාලයක් වත්තේ වැඩ කරන්න පුළුවන් කමක් එයාට තිබුණා. දැනට ලැබෙන රුපියල් 1000 පඩිය අනුව ගණන් කළොත් රුපියල් කෝටි 1 ලක්ෂ 2ක් ගෙවන්න ඕනෑ,” යැයි විරෝධය දක්වමින් ලංකා කම්කරු කොංග්‍රස් සභාපති සෙන්දිල් තොණ්ඩමන් පෙන්වා දෙයි.

විදුලි කාර්මික ශිල්පය ගැන කිසිදු විශේෂඥ දැනුමක් නොමැති සාමන්‍ය කම්කරුවකු වූ ගනේශමුර්ති බලහත්කාරයෙන් විදුලි අලුත්වැඩියාවට යොදා ගත්තේද යන්න ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු ඇමැති මනුෂ නානායක්කාර විසින් අමාත්‍යංශ ලේකම්ට සහ කම්කරු කොමසාරිස් ජෙනරාල්ට නියෝග කර තිබේ.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.